හෙළ උරුමයේ අවසන් තීරණය අද

null

ජාතික හෙළ උරුමය තවදුරටත් ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයකට එළඹ තිබේ.

හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව ඊයේ පස්වරුවේ රැස්වී පැය හතර හමාරක් පුරා පැවැත්වූ සාකච්ඡාවේන් අනතුරුව එම තීරණය ගෙන තිබේ.

මෙහිදී ගනු ලැබූ තීරණය මාධ්‍ය හමුවක් කැදවා අද පෙරවරුවේ 10ට පමණ දැනුම් දෙන බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ සඳහන් කරයි.

එම තීන්දුව ගත්තේ රටේ අනාගතය ගැන සිතා මිස පටු පරමාර්ථවලින් නොවන බවත්, එම තීරණය සියලු දෙනාට වැදගත් තීරණයක් වනු ඇති බවත් ඔහු කීවේය.

ඊයේ පවතී සාකච්ඡා සඳහා පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සහභාගී වුයේ නැත. ඒ අසනීපයක් හේතුවෙන් රෝහල් වී ප්‍රතිකාර ලැබීම නිසාය.

මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දිවුලපිටිය ප්‍රා දේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධුරයෙන් ඊයේ (17) ඉල්ලා අස්වුණි. එසේම උන්වහන්සේට ලබා දී තිබු නිල රථය ද භාරදීමට කටයුතු කර තිබුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>