හෙළ උරුමයේ සහය මෛත්‍රීට

null

ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික හෙළ උරුමය පක්ෂයේ සහය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

ඊයේ කොළඹදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන සහභාගිවූ පොදු විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් හෙළ උරුමය මෙම අදහස් පළ කර ඇත.

එහිදී රතන හිමියන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ බෞද්ධ බලවේගය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන සමග එක් වීම ඉදිරි මැතිවරණ ක්‍රියාදාමය තුළ සියළු දෙනාට දැක ගත හැකි වනු බවයි.

එමෙන්ම සිය පක්ෂය ලබන සඳුදා මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අවබෝධතා එකඟතාවකට එළැඹෙන බවද උන්වහන්සේ පවසා ඇත.

එහිදී විධායක ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවට හා අධිකරණයට වගකියන තත්ත්වයට පත් කිරීම, පවතින ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සහ කොමිෂන් සභා ස්ථාපනය කිරීම යන එකඟතාවන්ට එළැඹීමට නියමිත බව ද උන්වහන්සේ ප්‍රකාශ කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>