හෙළ උරුමයේ සහ සංඝ සම්මේලනයේ සහය මෛත්‍රීට

null

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක, මෛත‍්‍රීපාල සිරිසේනට සහාය දැක්වීමට තීරණය කළ බව ජාතික හෙළ උරුමය අද ප්‍රකාශ කර තිබේ.

හෙළ උරුමය සඳහන් කල කරුණු වලට මෛත‍්‍රීපාල සිරිසේන මහතා එකඟ වූ බවත්, ඊට අදාළ ජාතික ප‍්‍රතිඥාවට හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත අනුනාහිමියන් සහ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ප්‍රතිපත්තිමය යෝජනාවලියට ඊයේ (01) අත්සන් තැබුණ බවත් පාඨලී චම්පික රණවක මහතා පවසා ඇත.

ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

මේ අතර ජාතික සංඝ සම්මේලනයේ සහයද මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

අද (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික සංඝ සම්මේලනයේ ලේකම් පාහියන්ගල ආනන්ද හිමි පවසා ඇත්තේ රටට නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට සහ නීතිය හා යහපාලනය හඳුන්වාදීමේ පියවරට සහය පළකිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>