හෙළ උරුමය ඉදිරි වැඩ පිළිවෙල පහදයි

null

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව පවත්වන ජාතික හෙළ උරුමයේ පළමු මාධ්‍ය හමුව ඊයේ පස්වරුවේ බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේදී පැවැත් විය.

එම මාධ්‍ය හමුවට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පාඨලී චම්පික රණවක මහතා සහභාගී විය.

එහිදී ඔවුන් ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. එම වීඩියෝව පහතින්.

පාඨලී චම්පික රණවක මහතා තවදුරටත් සිය පෙරමුණ ලද ජයග්‍රහණය හා එහි අනාගත ක්‍රියාකාරිත්වය පිළිබඳ මෙසේ අදහස් දක්වා තිබේ.

නම ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජයග්‍රහණය පිළිබඳ ඔබේ අදහස?

අපි බලාපොරොත්තු වූ පරිදිම යුග පෙරළියක් පසුගිය 8 වැනිදා සිදුවුණා. මේ රට තුළ ගෙනගිය රාජපක්ෂ මහත්වරුන්ගේ පාලනය තුරන් කර ඓතිහාසික දිනුමක් තමයි අපි ගත්තේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ඔය තරම් ඇති වූ නොපැහැදීම?

මහින්ද රාජපක්ෂ අතිවිශාල මුදල් සම්භාරයක් රාජ්‍ය අරමුදලෙන් නිර්ලජ්ජිත ලෙස භාවිත කළා. මේ මැතිවරණයට අය වැයෙන් පවා රුපියල් බිලියන 140 ක් යොදාගෙන දෙවැනි
පන්තියේ වෙළෙඳ දැන්වීම් පවා මැතිවරණය වෙනුවෙන් ප්‍රචාරය කරන්න පටන් ගත්තා. ආර්ථීක සංවර්ධන වැනි අමාත්‍යාංශවලින් රුපියල් බිලියන 100 ක් පමණ මේ කටයුතු වෙනුවෙන් යොදා ගෙන තිඛෙනවා. එය සමස්ත ආණ්ඩුවේ වියදම වන බිලියන 2500 න් සියයට 10 ක ප්‍රතිශතයක්.

නිර්ලජ්ජිත ලෙස රාජ්‍ය මාධ්‍ය භාවිත කළා. පසුගිය කාලය තුළ අසීමිත ලෙස අපට විරුද්ධ විවේචන පිටු ගණන් ලීවා. පැය ගණන් විද්‍යුත් මාධ්‍යවල ප්‍රචාරය කළා. ඒවාට පිළිතුරු දෙන්නටවත් අපට අවසර දුන්නේ න‍ෑ.

ජාවාරම්කරුවන් එකතු කරගෙන කරගෙන ගිය මේ වැඩපිළිවෙළට විරුද්ධව මධ්‍යම පාන්තික බුද්ධිමත් ජනතාව ලද මේ ජය සැබෑම ජනතා ජයග්‍රහණයක්.

ඔබ නියෝජනය කරන පෙරමුණේ ජයග්‍රහණය සමඟ ත්‍රස්තවාදය යළි හිස ඔසවයි ද කියා සැකයක් තවමත් පිරිසකට තිඛෙනවා?

මේ මැතිවරණයට හිටපු ජනාධිපතිවරයා නින්දිත ලෙස රාජ්‍ය බුද්ධි අංශ යොදාගෙන ජනතාව බිය වද්දන්න උත්සාහ කළා. එල්.ටී.ටී.ඊ. ය යළි නැඟිටියි කියලා භීතියක් ඇති කළා. විවිධ හ~ පට නිකුත් කළා. ඒ විතරක් නෙවෙයි ගජබා රෙජිමේන්තුවේ විශාල පිරිසක් උතුරෙ‍න් ගලවාගෙන ඇවිත් මැතිවරණයට යොදවන්න උත්සාහ ගත්තා. නමුත් ඒ එකක්වත් සාර්ථක වුණේ නෑ. ඒ වෙලාවේ මැතිවරණ කොමසාරිස්වරයා හා පොලිස්පතිවරයා කටයුතු කළ ආකාරය ප්‍රශංසනීයයි. ඒ වගේ ම ජාතික හෙළ උරුමය බිහිවූ දා සිට මේ ර‍ටේ ගමන හැදුවේ අපි. 2005 දී අපි ඒකීය භාවය ස්ථාපිත කළා. එතෙක් ෆෙඩරල්වාදී වූ නිදහස් සන්ධානය වගේ ම 2011 දී එක්සත් ජාතික පක්ෂයත් ඒකීය මතයට ගන්න අපට හැකි වුණා. ඒ නිසා මේ රටේ ඒකීයභාවය හා ආරක්ෂාව පිළිබඳ අපට සහතික වන්න පුළුවන්. ජාතික හෙළ උරුමය තිඛෙන තුරු සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය හොඳින් අත්විඳින්න ඉඩ සලසනවා.

ජාතික හෙළ උරුමය ලෙස දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව කටයුතු කිරීමට ඔබට හැකිද?

ප්‍රජාතන්ත්‍රවාදයේදී ටී.එන්.ඒ. එක පිළිබඳ අපට ප්‍රශ්නයක් නෑ. ඔවුන්ගේ වෙනම ඉල්ලීම් නෑ‍. අපි පොදු එකඟතාවයකින් කටයුතු කරන්නේ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්.

මේ මැතිවරණයේදී ජාතික හෙළ උරුමයේ පිරිසක් ඔබේ මතයට විරුද්ධ වුණා?

මහින්ද රාජපක්ෂ හෙළ උරුමය දෙකඩ කරන්න දැරූ උත්සාහයන්වලදී අපි සැලූ‍ණේ නැහැ. අපේ කටයුතු අපි නොසැලී කරගෙන ගියා. පක්ෂයේ මතයට එරෙහිව ගිය අය පිළිබඳ විනයානුකූලව කටයුතු කරනවා. වෛරයක් නෑ. මෛත්‍රිය පමණයි. නමුත් ධනයට කොඳු නමන බොල් පිරිස් හෙළි වුණා.

හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා ගැන ඔබේ පෙරමුණ කටයුතු කරන්නේ කෙසේද?

ෆොන්සේකා මහතාට ඔහුගේ අහිමිවූ දේ නැවැත ලබාදීමට පැහැදිලි තීරණයක් ගෙන තිඛෙනවා. නියම යුද වීරයා හැටියට ඔහුට ලැබිය යුතු ගෞරවය ඔහුට ලැඛෙනවා.

පැවැතුණු රජය කරගෙන ගිය සංවර්ධන කටයුතු?

මේ දේවල් අපි යළි ඇගැයීමකට ලක් කරලා වැයවන පිරිවැය සහ පවතින තත්ත්වය පිළිබඳ සොයා බලනවා. ඉන් පසු ප්‍රමුඛතාව අනුව ඒවා ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ තීරණ ගන්නවා. මහින්ද රාජපක්ෂ ක්‍රමයේ තිබුණේ වැය විතරයි. නමුත් අපි මත්තල, හම්බන්තොට, කොළඹ වගේ ව්‍යාපෘති ධනය ‍සොයන ක්‍රම බවට පත් කරන්නේ කෙසේ දැයි ක්‍රමවේදයක් අනුව සොයා බලනවා. අපේ ප්‍රමුඛතාව ලබා දෙන්නේ ජලය, ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි මූලික අවශ්‍යතා සඳහායි. අනෙක් දේවල්, යටිතල පහසුකම් ආදිය එන්නේ දෙවනුවයි.

ඔබ චෝදනා කළා පවුලක මාසික ආදායමෙන් රුපියල් 12000/ ක් අහිමි කළා කියලා?

ඔව් 2005 ට පෙර දළ දේශීය නිෂ්පාදිතයේ අගය යම් ප්‍රමාණයකින් වැඩි වනවිට කුටුම්භ නිෂ්පාදිතය ඒ හා සමානව වැඩි වුණා. නමුත් ගිය වසරේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 7 ක් වෙද්දී කුටුම්භ නිෂ්පාදිතය වුණේ සියයට 0.3 ක පමණ ප්‍රමාණයක්. ඒ කියන්නේ එක් පවුලක මාසික ආදායමෙන් රුපියල් 12000 ක් ඒ පවුලට අහිමි වෙලා තිඛෙනවා. ඒ මුදල වෙනත් එක් පවුලකින් හොරාගෙන.

උතුර හා නැ‍ගෙනහිර දෙමළ ජනතාවගේත්, ඔබේ පෙරමුණට එකතු වුණු මුස්ලිම් ජනතාවගේත් ඡන්ද නිසා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ දිනුවා යැයි සමහරු කියනවා.

2010 සිට මේ දක්වා මැතිවරණ ගෙන බැලූ‍වොත් ඔය කියන ආකාරවලින් මේ වර අපට ලැබී තිඛෙන්නේ ඡන්ද ලක්ෂ 6 ක පමණ ප්‍රමාණයක් විතරයි. ඒ මුළු ප්‍රමාණය මෛත්‍ර‍ිපාල සිරිසේන මහතා ලබාගත් මුළු ඡන්දවලින් සියයට 12 ක් පමණයි. ඉතිරි සියයට 88 ම අපේ ඡන්ද.

මෛත්‍රී පාලනයක් යටතේ විදේශ සබඳතා තහවුරු කරන්නේ කෙසේද?

පවුල්වාදය නිසා විදේශ සබඳතා සේවාවට වුණු දේ සියලූ‍ දෙනා ම දන්නවා‍. ඒ ගෙන ගිය ඩීල් නතර කර වඩා වෘත්තීය මට්ටමින් නව තාක්ෂණය හා ක්‍රමවේද යොදාගෙන විදේශ සබඳතා තහවුරු කරන්න කටයුතු කරනවා.

යහපාලනය පිළිබඳ පූර්වාදර්ශයක් ඔබ වෙත තිඛෙනවාද? නැත්නම් අපට ම වූ ක්‍රමයක් අනුගමනය කරනවාද?

යහපාලනය විෂයානුබද්ධයි. නමුත් ඒ පිළිබඳ පෙර අත්දැකීම් ඇති සිංගප්පූරුව වැනි රටවලින් යම් අවබෝධයකුත් ලබාගෙන අපට ආවේනික වූ ක්‍රමවේදයක් අනුව අපක්ෂපාතී වන අයුරින් මෙය නිර්මාණය කරගත යුතුයි.

නව ජනාධිපතිවරයා දිවුරුම් දුන් පසු ප්‍රමුඛතාව දෙන්නේ කුමන කරුණු වෙතද?

පළමුවෙන් ම ව්‍යවස්ථාව සංශෝධනය කර විධායක ජනාධිපති ධූරයේ බලතල කප්පාදු කරලා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවලා තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරී‍මයි ප්‍රමුඛ ලෙස සලකන්නේ.

ඔබ දැන් ජනතාවගෙන් බලාපොරොත්තු වන්නේ?

දැන් අලූ‍ත් පරිසරයක් ගොඩනැඟිලා තිඛෙනවා. ඒ නිසා පක්ෂ, පාට ආදී භේදයෙන් තොරව අත්වැල් බැඳගෙන අවි ආයුධ ආදියෙන් තොරව එක ලේ බිඳක් නොසොල්වා අවිහිංසකව ලබාගත් මේ ජනතා ජයග්‍රහණයේ අභිලාශ ඉටු කරගන්න එක්වන්න.

සංවාදය
අරුණි මුතුමලී

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>