හෙළ උරුමය සන්ධානයෙන් ඉවත් වෙයි

null

ජාතික හෙළ උරුමය, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක කොළඹ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඉදිරියේදී වෙනම දේශපාලන බලවේගයක් ලෙස ක්‍රියාත්මක වන බවයි.

ඔවුන් එක්සත් යහපාලන ජාතික පෙරමුණ ලෙස සිය පක්ෂයේ නම වෙනස් කර ඇති අතර, මෙතෙක් එම පක්ෂයේ ලකුණ ලෙස පැවති හක් ගෙඩිය වෙනුවට දැන් එහි සළකුණ ලෙස යොදා ගෙන ඇත්තේ දියමන්තියයි.

කෙසේ වෙතත් එහිදී අදහස් දැක්වූ පක්ෂයේ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක සදහන් කළේ පක්ෂයේ නම සහ ලාංඡනය ගැන තවමත් ස්ථීර තීරණයකට එළඹ නොමැති බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>