03 Mar 2015
හේරත් වෙනුවට සීක්කුගේ ප්‍රසන්න කැඳවයි
ආබාධයකට ලක්වූ රංගන හේරත් වෙනුවට සීකුගේ ප්‍රසන්න ඔස්ට්‍රේලියාවට පිටත්කර හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.
පසුගියදා එංගලන්තය සමඟ පැවති ලෝක කුසලාන තරඟයේදී රංගන හේරත් තුවාල ලැබීම හේතුවෙන් දින 7ත්, 10ත් අතර කාලයක් විවේක ගැන්වීමට සිදුව තිබෙන නිසා ඒ වෙනුවට සීකුගේ ප්‍රසන්න මෙලෙස කණ්ඩායමට කැඳවා තිබේ.
කෙසේ නමුත්, රංගන හේරත් ක්‍රීඩා නොකිරීම නිසා ඉරිදා ඕස්ටේ්රලියාව සමඟ පැවැත්වෙන තරඟය සදහා සචිත්ර සේනානායක දඟ පන්දු යවන්නෙකු ලෙස යෙදවීමේ හැකියාවක් ද පවතින බව ඕස්ටේ්රලියානු වාර්තා සදහන් කරයි.