හොංකොං මාර්ගයකට සල්ලි වැස්සක්

null

හොංකොංහී මහාමාර්ගයක මුදල් ප‍්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් අනතුරට පත්වීමෙන් එහි තිබු මුදල් පෙට්ටියක් පාරට විසිවී මුදල් නෝට්ටු පාර පුරා විසිරී ගොස් තිබේ.

ඒ බව නොදැන වෑන් රථය ඉදිරියට ධාවනය කරගෙන ගොස් ඇති අතර එම අවස්ථාවේ මාර්ගයේ සිටි පිරිස මුදල් නෝට්ටු එකතු කරගැනීමට කටයුතු කර තිබේ.

පසුව එම රථයේ ආරක්ෂාව සඳහා ගමන්ගත් ආරක්ෂක නිලධාරීන් පැමිණ එම පිරිස පලවාහැර ඉතිරිව තිබු මුදල් නෝට්ටු කිහිපය නැවත එකතු කරගෙන ඇත.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසු පවුම් එක් ලක්ෂ විසිපන්දහසක පමණ මුදලක් අස්ථානගතවී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

නැතිවී තිබෙන මුදල් නෝට්ටු වල අංක තමන් සතුව තිබෙන බවත් එම නිසා එම මුදල් පරිහරණය කර අනතුරේ නොවැටී ඒවා වහා නැවත භාරදෙන ලෙසත් පොලිසිය නිවේදනයක් නිකුත් කර ඇත.

null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>