07 Jan 2016
හොඳට ෆිල්ම් බලන්න NETFLIX දැන් ලංකාවේ
උසස් රූප තාක්ෂණයකින් නිවැරදි සිනමා පටයම නරඹන්නන්ට හැකි වන අයුරින් හා නිර්මාණ කරුවන්ට මුල්‍යයම වාසි අත්කර දෙමින් ලොව පුරා කාගේත් ජනාදරයට පත් වු NETFLIX ආයතනය ශ්‍රී ලංකාවට ද එම පහසුකම ලබාදී තිබේ.
ඒ අනුව ලංකාවේ වෙසෙන ඔබටද Netflix හරහා ජනප්‍රියතම චිත්‍රපට හා ටෙලි නාට්‍ය මාලා බැලීමට හැකියාව තිබේ.
Netflix මේ වනවිට රටවල් 190 ක ක්‍රියාත්මක වන අතර ලොවපුරා මිලියන 70 ක පිරිසක් එහි සාමාජිකත්වය ගෙන තිබේ. පැය මිලියන 125 ක් පුරා කාලයක් දිවෙන චිත්‍රපට Netflix සතුව තිබේ.
ඒ අනුව Netflix හරහා Normal Quality සහිතව චිත්‍රපට මසකට ඩොලර් 7.99 ක්ද, HD Quality යටතේ චිත්‍රපට නැරඹීමට ඩොලර් 9.99ක්ද, Ultra HD Quality යටතේ චිත්‍රපට නැරඹීමට ඩොලර් 11.99 ක් ද වැයවේ.