හොඳම පොදු අපේක්ෂකයා මහින්දයි

null

ඊයේ (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි ජාතික හෙළ උරුමයේ යෝජනා ආණ්ඩුව විසින් පිළිගත යුතුව ඇති බවත් ජනතා ආණ්ඩුව ජනතාවට කන්දිය යුතුව ඇති බවත්, මෙවැනි බලපෑම් නොකළහොත් ආණ්ඩුව ඉබාගාතේ යන බවත් උන්වහන්සේ කියා සිටියේය.

මෙහිදී පොදු අපේක්ෂකයෙකු පිලිබඳ ඇති කතිකාව ගැන ප්‍රශ්නයක් නැගු මාධ්‍යවේදියෙකුට උන්වහන්සේ පිළිතුරු දෙමින් කියා සිටියේ හැංගි මුත්තං කෙළින බවක් මිස තාමත් පොදු අපේක්ෂකයෙකු පැහැදිලිව දැකගත නොහැකි බවයි.

සන්ධානයෙන් තරඟ කරනුයේ මහින්ද රාජපක්ෂ මහතා බව දැනටමත් දන්නා බවත්, ඔහුගේ සුදු තැන් හා කළු තැන් හඳුනන බවත්, ඔහුට අභියෝග කළ හැකි උඩු රැවුළක් සහිත නියම පිරිමියෙකු දකින්නට නොමැති බවත් උන්වහන්සේ සඳහන් කළේය.

කවුරුන් හෝ මතුවෙතැයි අපේක්ෂාවෙන් මැද්දටවී තමන් සිටින බවත්, ඒ අර්ථයෙන් සන්සන්දනය කර බැලුවහොත් හොඳම පොදු අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහතාම බවත්, ඔහු වටේ ඔය කියන වර්ගයේ හැම කෙනෙකුම ඒකරාශිවී සිටින බවත් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.

මිට පෙර පැවති මාධ්‍ය හමුවකදී ඉන්වහන්සේ කියා සිටියේ ජනාධිපතිවරණයට තරග කල හැකි නියම බෞද්ධයකු තමන් ලග සිටින බවත් නියම කාලය ආ පසු ඔහුව කරළියට එවන බවත්ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>