හොයලා බලලා මට චෝදනා කරන්න – සේයාගේ පියා

null

දිවුලපිටිය – කොටදෙනියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අසල්වැසි තරුණයෙකුගෙන් ප්‍රශ්න කරන බව පොලීසිය පවසයි.

දැරිය ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 30 කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එම පිරිස අතරට දැරියගේ මව, පියා, සීයා සහ මිත්තණියද ඇතුළත්.

පසුගිය සිකුරාදා රාති‍්‍රයේ අතුරුදන් වූ සේයා සදෙව්මි දැරියගේ මළ සිරුර පසුගිය ඉරිදා උදෑසන සොයා ගත්තේ ඇය පදිංචිව සිටි නිවස අසල පිහිටි ඇල ඉවුරක තිබියදීයි. පසුව මූලික පරීක්ෂණවලදී මෙය ඝාතනයක් බවට අනාවරණය වූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වුණේ දැරිය බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඝාතනය කර ඇති බවයි.

මෙම දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ පියාටද චෝදනා එල්ල වුයේ ඔහු මින් පෙර ළමා අපයෝජන සිද්ධියකට සම්බන්ධ බවට තොරතුරු හෙළිවීම හේතුවෙනි. කෙසේ වෙතත් දැරියගේ පියා පොලිසියට ලබාදී ඇති ප්‍රකාශ පිළිබඳව දුරකථන දත්ත සහ අනෙකුත් සාක්ෂි මත සිදුකළ විමර්ශනයක දී එම පියා කළ ප්‍රකාශ සත්‍යක් බව තහවුරු වී තිබේ.

සිද්ධිය වූ දිනයේ දැරියගේ පියා කුලී ප්‍රවාහන සේවය සඳහා පිටත්ව ගොස් තිබුණි.

තමන්ට දරුවාගේ මරණය සම්බන්ධයෙන් චෝදනා කරන්නේ කිසිදු පොලිස් නිලධාරියෙකුගෙන් කරුණු නොවිමසා බව සේයාගේ පියා පවසයි. ඔහු පවසන්නේ මෙවැනි චෝදනා එල්ලකරන විට සොයා බලා චෝදනා කරන ලෙසයි.

දැරියගේ මව සහ පියා වැඩි දුරටත් මෙසේ සඳහන් කර තිබේ…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>