හොරකමේ ඇවිත් කඩේ ඇතුලෙම නින්ද ගිහින්

null

මහියංගණය පූජා නගරයේ කඩයකට ඇතුළු වූ සොරෙකුට කඩය තුලදීම නින්ද ගොස් තිබිම නිසා පොලීසියට හසුවූ පුවතක් වාර්තා වේ.

මොහු අලුයම් කාලයේ එම කඩයට ඇතුළුවී කිරිපිටි, සබන්, තේකොළ, බිස්කට් බෑග් දෙකකටද අසුරා පසෙක තබා මේසය මතම නින්දගොස් සිටියදී, කඩේ හිමිකාරිය උදේ කඩය විවෘත්ත කරද්දී දක්නට ලැබී ඇත.

ඇය වහා ඒ පිළිබඳව මහියංගණය පොලිසියට දැනුම්දී ඇති අතර පොලිසිය එම ස්ථානයට පැමිණෙන තුරුද සොරා අවදිවී නොමැත.

පසුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන අතර මොහු සොරකම් සම්බන්දයෙන් කිහිප වරක් අධිකරණය මගින් දඩුවම් නියම කල පුද්ගලයෙක් බව වාර්තා වේ. අධික ලෙස මත්පැන් පානය කර සිටීම නිසා මොහුට මෙලෙස නින්ද ගොස් ඇති බවද පොලිසිය පවසයි.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>