හොරණදී අතුරුදන් වූ දරුවා අනුරපුරෙන් සොයා ගැනේ
පසුගියදා වාර්තා වුයේ අවුරුද්දකට පමණ පෙර අම්බලන්ගොඩදී පැහැරගැනීමට ලක්වූ දරුවෙකු දඹුල්ල නගරයේදී සොයාගැනුණු පුවතකි. නැවතත් එවැනිම පුවතක් වාර්තා වන අතර හොරණ ප්‍රදේශයේදී ඊයේ දිනයේ අතුරුදහන් වූ දරුවා අද උදෑසන අනුරාධපුරයෙන් සොයාගෙන තිබේ.
මෙම දරුවා හොරණ, බටුවිට ප්‍රදේශයේ පදිංචි 9 හැවිරිදි පිරිමි දරුවෙකි.
ඊයේ පස්වරුවේ අදාළ දරුවා ඔහුගේ මිත්තනිය සහ ඥාති හිමිනමක් සමඟ පාපැදියක් මිලදී ගැනීම සඳහා හොරණ නගරයට ගොස් තිබු අතර දරුවාගේ මිත්තනිය අසළ බැංකුවකට ගොස් තිබේ. ඒ අවස්ථාවේදී හිමිනම සහ දරුවා යතුරු පැදිය මිළදී ගැනීම සදහා වෙළද සැලක් වෙත ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වුණේ. කෙසේවෙතත් මිත්තණිය මුදල් අවශ්‍යතාව සපුරාගෙන ආපසු පැමිණෙන විට දරුවා සහ අදාළ හිමිනම පාපැදි වෙළද සැලේ සිට නොමැති බව පොලීසියට ලැබුණු පැමිණිල්ලේ සදහන් වේ.
අදාළ හිමිනම දිඹුලාගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන බවද දරුවාගේ ඥාතියෙකු වන බවද විමර්ශනවලදී අනාවරණ වී තිබෙ.
පොලිසිය විසින් කල ව්මර්ශණ වලින් අනතුරුව අද උදෑසන අනුරාධපුර, ජේතවන දාගැබ අසළ දී එම හිමිනම සමග සිටි දරුවා රුවන්වැලි සෑ පොලිස් මුරපළේ නිලධාරින් විසින් සොයාගෙන තිබේ.
දරුවා රැගෙන ගිය එම හිමිනම අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.