22 Apr 2015
හොරු වෙනුවෙන් හොරු ගැන අගමැතිගේ කතාව
සොරුන් ආරක්ෂා කිරීමට, සොරු වෙනුවෙන් පෙනී සිටින්නේ හොරුන්ම බව අගමැති රනිල් වික්රමසිංහ මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
පසුගිය 20 වනදා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව තුළ රැය පහන් කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට නොකැඳවන ලෙස බල කරමිනි.
ඊට ප්රතිචාර දක්වමින් අගමැතිවරයා කියා සිටියේ හොරුන් ආරක්ෂා කරන්නැයි ඉල්ලා නොසිටින ලෙසත්, හොරු වෙනුවෙන් හොරු ඉදිරිපත්ව සිටින බවත් මේ කෑගසන අයටත් කලින් තමන් මහින්ද රාජපක්ෂව ආරක්ෂා කර තිබෙන බවත් ය.