හොර අත්සන් යොදා තිස්ස කූඨ ලේඛන සකස් කරලා

null

තමාගේ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා විසින් කූඨ ලේඛනයක් සකස්කිරීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ තමා අතර ඇතිවීයයි කියනු ලබන ගිවිසුමක් පිළිබඳ පෙරේද (22) පැවති මාධ්‍ය හමුවකදී තිස්ස අත්තනායක මහතා විසින් යම් ලියවිල්ලක් මාධ්‍යයට නිකුත් කිරීම පිළිබඳ විපක්ෂ නායකවරයා මෙලෙස පොලිස්පතිවරයාට දන්වා ඇත.

මෙය විශේෂයෙන් රාජ්‍ය සේවකයන් සහ ජනතාව නොමග යැවීමට ගත් උත්සාහයක් බවත්, වත්මන් සෞඛ්‍ය ඇමති තිස්ස අත්තනායක රජයට එක් වීමට පෙර දැන සිටියේ තමා සහ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අතර ගිවිසුමක් අත්සන් තබන බව පමණක් බවත් ඊට වඩා යමක් ඔහු නොදැන සිටි බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමාත් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනත් අතර එකඟත්වයකට පැමිණ ඇති ප්‍රධාන කරුණු ඡන්ද ප්‍රකාශනයට ඇතුළත් කොට ඇති බවත්, කිසිවක් සඟවා නැති බවත් ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසා ඇත්තේ පොලිස්පතිවරයාට ලැබුණු අදාල ලිඛිත පැමිණිල්ල ගැන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසයට ඊයේ (23දා) නියෝග කර තිබෙන බවයි.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>