හොල්මන් පවුලක් නිසා ගමක් බියෙන් ඇළලෙයි

null

තඹුත්තේගම රාජපක්ෂගම ගම්මානයෙහි අද්භූත කාන්තාවක්, පිරිමියකු හා කුඩා දරුවකු සැරිසැරීම හේතුවෙන් ගම්වාසීහු දැඩි බියට පත්ව තිබෙන බව වාර්තා වෙයි.

දිවා කාලයේදී සහ රාත‍්‍රී කාලයන්හි මෙම අද්භූත පුද්ගලයින් තිදෙනා දැක ඇති ගම්වාසීන් රැුසක් සිය නිවාසවල ශාන්තිකර්මයන් පවා සිදු කර තිබේ. නමුත් මෙම අද්භූත පුද්ගලයින් තිදෙනා දිගින් දිගටම ප‍්‍රදේශයේ සැරිසැරීම හේතුවෙන් ගම්වාසීන් දැඩි භීතියට පත්ව පවුල් රැුසක් ගම හැරදා ගොස් තිබේ.

මස් මාංස අනුභව නොකරන කිසිදා හොල්මන් අවතාර විස්වාස නොකරන මධ්‍යම රාත්‍රියේ පවා කුඹුරට වතුර හැරවීමට යන රාජපක්‍ෂගම පදිංචි පනස් හැවිරිදි කාන්තාවක් වන එම්.ජී. ඉන්ද්‍රාවතී මහත්මියද ඉකුත් සතියේ දිනක දහවල් කාලයේ අත්භූත රුවක් දැක බියට පත්ව තිබේ.

ඇය සිය අත්දැකීම මෙලෙස විස්තර කර තිබේ… “පහුගිය දවසක් මහ දවල් මම කුඹුරට වතුර හරවන්න ගියා. එකපාරටම වෙල් යාය මැද ගැහැනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි කුඩා දරුවෙකුයි මතු වුණා. තත්ත්පර දෙක තුනකින් එ් තුන්දෙනා නොපෙනී ගියා. මම වටපිට බැලූවත් එ් අය හොයා ගන්න බැරිවුණා”

එම සිදුවීමෙන් පසු ඇගේ දෙපා හේතුවක් නොමැතිව නිය පහර කිහිපයකින් තුවාල වී තිබෙන අතර ඇය මේ වන විට රෝගාතුරවී ආහාර පවා නොගෙන සිටින බව වාර්තා වේ.

අමනුෂ්‍ය රූප දැක බියට පත්ව කිහිප දෙනකුටම ශාන්ති කර්ම සිදුකර තිබෙන අතර මේ සිදුවීම වන බව කියන රාජපක්‍ෂගම වෙල්යායකට යකැදුරන් ගෙන්වා ශාන්ති කර්මයක් සිදුකිරීමටද ගම්වාසීන් කටයුතුයොදා තිබේ.

ගම හැර යා නොහැකි ගම්වාසීන් සවස් වන විට දැඩි බියකින් නිවෙස්වලට වී සිටින බවද ගම්වාසීහු පැවසූහ.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>