ළඟදීම ලංකාවට එන බව බැසිල් කියයි

null

තමන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සඳහා සහය පළ කිරීමට ළඟදීම දිවයිනට පැමිණෙන බව හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා කියයි.

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මූල්‍ය ගනුදෙනු පිළිබඳව පොලීසියට ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබන සතියේ මුල් දින කීපය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ‘අද’ පුවත්පතට සඳහන් කර තිබේ.

දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට ගෙන්වා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගියදා ප්‍රකාශ කළේය.

ඒ අනුව තමා අදාළ ප්‍රකාශය ලබාදීම සඳහා ඉදිරි දින කීපය තුළදී ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, අදාළ පරීක්ෂණ කටයුතු සඳහා ඉදිරිපත් වන බවත් බැසිල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>