ළමයා වැස්සට තෙමුනැයි පවසා උප සභාපති විදුහල්පතිට පහරදෙයි
කැකිරාව ප්රදේශීය සභාවේ උප සභාපති සම්පත් හේරත් කැකිරාව තිබ්බටුව විදුහලේ විදුහල්පතිට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබේ.
සවස් වන තුරු පාසලේ රඳවාගත් තම දරුවා වැස්සට තෙමුණු බව සඳහන් කරමින් සභාපතිවරයා මෙලෙස විදුහල්පතිට පහරදී තිබේ.
අද දෙරණ වාර්තා කරන්නේ කොළඹ සිට අනුරපුරට වැඩම කෙරෙන සර්වඥ ධාතු වන්දනා කිරීම සඳහා එකී විදුහල්පතිවරයා පාසල් සිසුන් කැකිරාව නගරයට යවා ඇති බවයි. එහිදී ඇද හැළුණු වැස්සකින් පාසල් සිසුන් තෙමී තිබේ. ඒ අතර උප සභාපතිගේ ළමයා ද සිට ඇත.
ඒ ගැන විමසීමට එකී උප සභාපතිවරයා විදුහල්පතිගේ කාර්යාලයට ගොස් එහිදී ඇතිකර ගත් බහින් බස්වීමකින් පසු පහරදීමක් සිදුව තිබේ.
ඔහු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
අදාල විදුහල්පතිවරයා රෝහල් ගත වී ප්රතිකාර ලබන බව වාර්තා වේ.
මේ අතර මෙම පහරදීමට විරෝධය දක්වමින් පාසල් 13 ක ගුරුවරුන් විදුහලේ ගුරුවරුන් සමඟ එක් වී සිටිති.