ළිඳකට පැන දරුවෙකු බේරා ගත් සෙබළුන් දෙදෙනා

null

අඩි 20ක් පමණ ගැඹුරු ළිඳකට වැටුණ වයස අවුරුදු එකහමාරක දරුවෙකු බේරා ගැනීමට යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු සමත්ව තිබේ.

මාන්කුලම ප‍්‍රදේශයේ සේවයේ නියුතු 57 සේනාංකයට අයත්, 3 වන ගජබා රෙජිමේන්තු කඳවුරු භූමිය අවට ප‍්‍රදේශයේ ප‍්‍රදේශවාසි කාන්තාවක් සිය දරුවා ළිඳට වැටී ඇති බවත්, දරුවා බේරාදෙන ලෙසත්, හඬා වැළපෙමින් කෑගසා උදව් ඉල්ලා ඇත.

ඊට ක්ෂණික ප්‍රතිචාර දැක්වූ කෝප‍්‍රල් එම්.ඩබ්.විජිත පෙරේරා (167022 ) හා කෝප‍්‍රල් ඩී.එමි.ලීලාරත්න (467898 ) යන දෙදෙනා ළිඳට පැන ශිවකුමාර් සින්දුජන් නමැති දරුවා ළි‍ෙඳන් ගොඩගෙන ප්‍රථමාධාර දී දරුවාට පෙවී තිබුණ වතුර ඉවත්කොට දරුවාගේ දිවි බේරාගැනීමට සමත් ව තිබේ.

මෙම විරුවන් දෙදෙනාගේ යහපත් ක්‍රියාව වෙනුවෙන් ඇගයීමි පිරිනැමීමක්ද කිලිනොචිචි ආරක්ෂක සේනා මූලස්ථානයේදි කිලිනොචිචි ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (07) සිදුකර තිබේ.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>