ෆයිසර් මුස්තාපාගේ සහය මෛත්‍රීට
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වූ ෆයිසර් මුස්තාපා ඊයේ (31) පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කිරීම සඳහා එක්විය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.
එසේම මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බව දැනගත් දිනයේ සිට ඒ මහතාට සහයෝගය ලබාදීමට තමා කැමැත්තෙන් පසු වු බවද මුස්තාපා මහතා එහිදී සඳහන් කළේය. තවද මෙරටේ සහජීවනය ගැන සිතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ කරන බවත්, මේ වෙලාවේ යුග පුරුෂයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
එහිදී මාධ්‍යවේදීන් ඔහුගෙන් ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳ කරුණු විමසුවේ බොදුබල සේනා සංවිධානය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශ පිළිබඳවද සිහිපත් කරමින්. බොදුබල සේනා සංවිධානය ආරක්ෂා කිරීමට ආණ්ඩුව පියවර ගන්නේ නම් තමා ආණ්ඩුවෙන් ඉවත්වන බව ඔහු මීට පෙර ප්‍රකාශ කර තිබුණ බව හිරු නිව්ස් වාර්තා කරයි.