ෆයිසර් මුස්තාෆා ඇමතිධූරය අත්හැරීමේ සුදානමක

null

තමන් දරන සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත්වීම කෙරෙහි අවධානය යොමුකර ඇති බව ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි ඔහු පවසා ඇත්තේ නීතීඥවරයෙකු ලෙස පූර්ණකාලීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බැවින් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට අදහස් කර සිටින බවයි.

කෙසේවෙතත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා එක්ව ගෙන යන වැඩපිළිවෙලට තවදුරටත් සහය ලබා දෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වුව ද ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් නොවන බවද ඔහු පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>