18 May 2015
ෆුල්ෆේස් අතුරු තහනම තවත් දිගුවෙයි
යතුපැදිකරුවන් සඳහා සම්පුර්ණයෙන් මුහුණු ආවරණය කළ හිස්වැසුම් භාවිතය තහනම් කිරීමේ නීතිය ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබු අතුරු තහනම අභියාචනාධිකරණය විසින් තවදුරටත් දීර්ඝ කර තිබේ.
දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි ඒ පිළිබඳ නඩුව අද කැඳවු අවස්ථාවේදී පෙත්සමට එරෙහිව විරෝධතා දැක්වීමට කල් අවශ්‍ය බව නඩුව වෙනුවෙන් පෙනී සිටින රජයේ නිතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිට ඇත.
ඒ අනුව ජූලි මස 02 වන දින දක්වා අදාළ අතුරු තහනම ක්‍රියාත්මක වන පරිදි අභියාචානාධිකරණය නියෝගයක් නිකුත් කර ඇති අතර පෙත්සම යළි කැඳවීම ජුලි මස 02 වනදා සිදුකිරීමට නියමිතය.