ෆුල්ෆේස් තහනමට එරෙහි අතුරු තහනම තවත් දීර්ඝ කරයි

null

සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන හිස්වැසුම් පැළඳීම තහනම් කරමින් පොලීසිය ගෙන ආ චක්‍රලේඛයට එරෙහිව අභියාචනාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය යළි දීර්ඝ කර තිබේ.

ඒ, අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව අද (30) කැඳවූ අවස්ථාවේදියි. එහිදී සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන හෙල්මට් පැළදවීමට තහනම් කරමින් පොලීසිය නිකුත් කර තිබූ චක්‍රලේඛයට එරෙහිව අභියාචනාධිකරණය ගෙන ආ අතුරු තහනම් නියෝගය ලබන ජුලි මස 14 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.

ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදි ධාවනය කළ නොහැකි බවට වන නීතිය පසුගිය අප්‍රේල් මස 2 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි. එහෙත් ඊට එරෙහිව පුද්ගලයින් දෙදෙනෙකු අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකළේ පසුගිය මාර්තු මස 31 වැනිදායි. ඔවුන් එමඟින් ඉල්ලා සිටියේ ෆුල්ෆේස් හෙල්මට් පැළඳීම තුළින් තමන්ට ආරක්ෂාවක් ලැබෙන අතර, පොලීසිය ෆුල්ෆේස් හෙල්මට් තහනම් කරමින් නීතියක් පැනවීම තුළින් තමන්ට අසාධාරණයක් සිදුවන බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>