ෆුල්ෆේස් තහනම අද සිට – බුර්කාවත් තහනම් කරනු

null

සම්පූර්ණයෙන් මුහුණ ආවරණය සහිත හෙල්මට් පැළඳීමේ තහනම අද දිනයේ සිට ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. ඒ අනුව අද දිනයේ සිට සම්පූර්ණයෙන් මුහුණු ආවරණය සහිත හෙල්මට් පැළඳ යතුරුපැදි වල ගමන් කිරීම තහනම් වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කර ඇත්තේ ෆුල්ෆේස් හෙල්මට් තහනම අද සිට ක්‍රියාත්මක වුවද එම නීතිය කඩකරන පුද්ගලයන්ට එරෙහිව දඩුවම් ක්‍රියාත්මක කිරීම දින කිහිපයකින් ලිහිල් කළ බවයි.

ඒ අනුව මෙම දින කිහිපය තුළ එම නීතිය කඩකරන්නන්ට අවවාද කරන ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මේ අතර සිංහල රාවය සංවිධානයද ඊයේ දිනයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මෙම නීතියට විරෝධය එල්ල කර තිබේ. එම මාධ්‍ය හමුවට එක්ව සිටි ඇතැම් සිවිල් පුද්ගලයන් ෆුල් ෆේස් හෙල්මට් පැළඳ සිටි අතර තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු මුහුණ වැසෙන අයුරින් බුර්කාවක් පැළඳ සිටියේය.

එහිදී ඔවුන් සඳහන් කලේ ෆුල් ෆේස් හෙල්මට් ආරක්ෂාවට තර්ජනයක් නම් බුර්කාවද තහනම් කල යුතු බවත්, මෙය පොලිසියේ අකාර්යක්ෂමතාව පෙන්නුම් කරන ක්‍රියාවක් බවත් ය.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග කියා ඇත්තේ මෙම නීතියට විරෝධය පළ කරමින් පාර්ශව ගණනාවකින් ජනාධිපතිවරයාට සහ අග‍මැතිවරයා වෙත පැමිණිලි ලැබී ඇති බවත්, ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සළකා බැලීමටද කටයුතු කරන බවත් ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>