27 Apr 2015
ෆුල්ෆේස් හෙල්මට් තහනම අත්හිටුවීම දික්වෙයි
ෆුල් ෆේස් හෙල්මට් තහනම අත්හිටුවමින් අභියාචනාධිකරණය පනවා තිබූ නියෝගය අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විසින් යළි දීර්ඝ කර තිබේ.
මෙම නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ මෙම වාරණය මැයි මස 19 වැනිදා දක්වා යළිත් දීර්ඝ කිරීමටයි.
යතුරුපැදිකරුවන්ගේ සංගමය ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහිව ගොනු කළ පෙත්සම ලබන 18 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
ෆුල්ෆේස් පැළඳ යතුරුපැදි ධාවනය කළ නොහැකි බවට වන නීතිය පසුගිය අප්‍රේල් මස 2 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ අතර ඊට එරෙහිව පුද්ගලයින් දෙදෙනෙකු අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීම හේතුවෙන් අභියාචනාධිකරණය අද දක්වා ෆුල්ෆේස් හෙල්මට් නීතිය වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කළේය.