09 Mar 2015
ෆුල්ෆේස් හෙල්මට් තහනම ඉවතට
අපරාධ වළක්වා ගැනීමේ අරමුණින් සම්පුර්ණයෙන් ආවරණය කරන ලද හිස් වැසුම් (ෆුල් ෆේස් හෙල්මට්) භාවිතය තහනම් කිරීමේ නීතිය තාවකාලිකව ඉවත් කර ගැනීමට තීරණය කර තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.
මේ මස 21 වැනිදා සිට එම නීතිය ක්රියාත්මක කිරීමට තීරණය කෙරුණු අතර යතුරු පැදිකරුවන් බහුතරයක් ඊට විරෝධය පළකිරීම හේතුවෙන් අදාළ නීතිය ඉවත් කර ගැනීමට කටයුතු යොදා ඇති බව මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.