ෆුල්ෆේස් හෙල්මට් දාගෙන යළි කොල්ලයක්

null

දෙහිවල අත්තිඩිය ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක් කොල්ලකා පලාගිය සැකකරුවන් සොයා ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අද දහවල් 1.45ට පමණ සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන හිස්වැසුම් පැළඳ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම කොල්ලකෑම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

ආයුධ සන්නද්ධව පැමිණ ඇති කොල්ලකරුවන් ආරක්ෂක නිලධාරියාට ගිනිඅවියෙන් පහර දී බැංකුව තුළට වෙඩි ප‍්‍රහාර 3ක් එල්ල කර තිබෙන අතර පහරකෑමට ලක්වූ ආරක්ෂක නිලධාරියා ප‍්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. වෙඩි තැබීමෙන් බැංකුවේ වීදුරු කිහිපයකට හානි සිදුව ඇත.

ඔවුන් රුපියල් ලක්ෂ 10ක මුදලක් මෙලෙස කොල්ලකාගෙන ගොස් තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>