ෆුල්ෆේස් හෙල්මට් පැළඳීම වැළැක්වීමේ නීතිය දැඩි වෙයිද?

null

සම්පූර්ණයෙන් මුහුණ ආවරණ වූ හිස්වැසුම් පැළඳ සිදුකරන ලද කොල්ලකෑම් කිහිපයක් පසුගිය කාලය තුලදී වාර්තා විය. මේ හේතුවෙන් ෆුල්ෆේස් හෙල්මට් පැළඳීම තහනම් කරනු ලැබූ අතර පසුව නැවත එම නීතිය ලිහිල් විය.

කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ සම්පූර්ණයෙන් මුහුණ ආවරණ වූ හිස්වැසුම් පැළඳීම වැළැක්වීමේ නීතිය කි‍්‍රයාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව යි.

හිරු නිව්ස් සඳහන් කරන පරිදි මේ වර්ෂයේ ගතවූ කාලය තුළදී සම්පූර්ණ මුහුණු ආවරණය සහිත හිස් වැසුම් පැළඳ යතුරුපැදිවලින් පැමිණ මූල්‍ය ආයතන 05 ක් කොල්ල කා ඇති බවත්, පසුගිය වසරේදී එවැනි කොල්ලකෑම් 122 ක් සිදුවී ඇති අතර, ඉන් 80 කට වැඩි සංඛ්‍යාවක් විසඳා ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

ඒ කොළඹ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>