ෆේස්බුක් එකේ නිරුවත් ෆොටෝ දැම්ම සිසුවිය දෙමව්පියන් දඬුවම් කළ නිසා පොලිසී ගිහින්

null

වැල්ලවත්ත ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියක ෆේස් බුක් ඔස්සේ මිතුරන් සමග නිරුවත් ඡායාරූප හුවමාරු කිරීමේ සිද්ධියක් හේතු කොට දෙමාපියන්ගෙන් පහරකෑමට ලක්ව තිබේ.

පහරකෑමෙන් උරණ වූ එම සිසුවිය තමාට දෙමාපියන් පහරදුන් බවට පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව කෝටිපති ව්‍යාපාරික යුවළක් වූ ඇගේ දෙමාපියන් අත්අඩංගුවට ගෙන පසුගියදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ඇගේ දෙමාපියන් එහිදී කියා ඇත්තේ තම දියණිය අධික ලෙස අන්තර්ජාලය හා ෆේස් බුක් පරිහරණයට ඇබ්බැහිවී සිටින බවත් අධ්‍යාපන කටයුතු පවා මේ නිසා හරියාකාරව සිදු නොකරන බවත්ය. ඇයගේ ඇවතුම් පැවතුම් සකස්කිරීමේ අටියෙන් නිවස ආසන්නයේ පදිංචිව සිටින ඇගේ සීයාගේ නිවසේ ඇයව නැවතූ බවත් එහි සිටියදී ඇය අන්තර්ජාලයෙන් නිදහස් නිසා වෙනස්වනු ඇතැයි කල්පණ කළත් ටික දිනක් ගොස් බලද්දී ඇය ඇගේ කාමරයේ හොරෙන් අන්තර්ජාලය ලබාගෙන නැවත පෙර පුරුද්දම කරගෙන යන ආකාරය දක්නට ලැබුණ බවත් වැඩිදුර පරීක්ෂා කිරීමේදී නිල් චිත්‍රපටවල කොටස් හා නිරුවත් ඡායාරූප රාශියක් ඇයගේ ජංගම දුරකථනයේ තිබුණ බවත් ය.

දියණිය සන්තකයේ අන්තර්ජාලය යාම සඳහා ජංගම දුරකථන 10ක්ද තිබෙන බව ඔවුන් පොලීසියට කියා ඇත. මේ බව දැනගත් අවස්ථාවේ ඇය නොමග ගොස් ඇති ආකාරය දැක කේන්තියට පත්වූ බැවින් ඇයට පහරදුන් බවද දෙමව්පියන් පවසා ඇත.

අධිකරණයටඉදිරිපත් කළ ඇගේ මව සහ පියා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය නියම කර ඇත. ඉදිරිපත් වූ කරුණු අනුව දැරිය වෛද්‍ය පරීක්ෂණයට යොමු කර නැවත සීයා බාරයට පත් කරන ලෙසත් පරීක්ෂණ පවත්වා වැඩිදුර වාර්තාවක් ජුනි 30 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>