ෆේස්බුක් ඔස්සේ හුවමාරු වන ඡායාරූපයක සැඟවුන කතාව

null

මැයි 21 වන දින කොටුව ටෙලිකොම් ආයතනය අසල බස් නැවතුමේදී තරුණියක් මහළු මිනිසෙකුට මුදලක් ලබාදෙන ඡායාරූපයක් විවිධ අර්ථකතන ලබාදෙමින් මේ දින වල ෆේස්බුක් ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

මුලින්ම තරුණයෙකු මෙම ඡායාරූපය Facebook group එකක් තුල පළකර තිබුනේ මෙම තරුණිය සීයාට රුපියල් 1500ක් ලබා දෙන බව දුටු බවයි.

පසුව මෙම ඡායාරූපය සිඝ්‍රයෙන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වූ අතර බොහෝ දෙනාගේ ගෞරවය මෙම තරුණියට හිමි විය. එමෙන්ම තවත් අය එයට ප්‍රතිචාර දක්වා තිබුනේ ප්‍රසිද්ධ වෙන්න සිදුකල දෙයක් බවට පවසමිනි.

කෙසේ වෙතත් මෙම ඡායාරූපයේ සිටින තරුණිය ෆේස්බුක් තුල ඡායාරූපය හුවමාරු වෙනු දැකීමෙන් පසු එදින වූ සිද්ධිය විස්තර කරමින් ඡායාරුපය පල කළ තරුණයාට පණිවිඩයක් ඒවා තිබේ.

එය මෙසේය…

“යහළුවා, ඔයා අද උදේ art gallery යට දාපු Photo එකේ ඉන්නේ මම. මේ වෙද්දී ඒක ගොඩක් අය Share වෙලා. එක එක විදිහේ comments ගොඩක් වැටිලා. අනිත් අය කියන දේවල් වලට මම හරි කියන්න ඔයා කතා කරන නිසා මං හිතුවේ ඒ සිද්දියේ කතාව කියන්න. ප්‍රසිද්ද කරන්නම් නෙමේ. ඔයා කරපු දේ හරියි කියල දන්වන්න ඕනේ නිසයි.

ඒ සියා එතන හැමදාම ටිකට් විකුනනවා. මම පුළුවන් දවසට ටිකට් අරන් යන්න පුරුදු වෙලා හිටියේ. ටික දවසකට කලින් හවසක ඒ සීයාගේ සල්ලි ගෙන යන bag එක හොරෙක් අරගෙන. පොලිසියෙන් ඌව අල්ලලත් තාම සල්ලි හම්බෙලා නැ. ආයි ටිකට් ගන්න ඒ සීයට සල්ලි නැ. ඒත් මේ ටිකේම පුරුදු තැනට ඇවිත් ඔහේ බලාගෙන ඉඳල. මම ඇහැව්වම කතාව කිව්වා. කකුලක් නැතුවත් කොච්චර වයස උනත් එයා හිඟාකන්න කැමති නැ. ආයි ටිකට් ගන්න නම් අඩුම 2500ක් ඕනෙලු. ඉතින් මගේ ළඟ තිබිල 1500ක් දුන්න. ඉතුරු 1000 කව්රුවත් නොදුන්නොත් මම දෙන්න පොරොන්දුත් උනා. මොකද කොටුවේ හිඟා කන 1000ක් හිඟන්නෝ අතරේ කීයක් හරි හොයාගන්න මහන්සි වෙන ඒ සීයාට මම ගොඩක් ගරු කරනවා.”

null

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>