ෆේස්බුක් දිනක පිවිසුම බිලියනය ඉක්මවයි

null

පසුගිය 24 වන සඳුදා දින ඉතිහාසයේ ප්‍රථම වරට බිලියනයකට අධික පිරිසක් Facebook භාවිත කර තිබෙන බව එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසයි.

ඒ අනුව, එදින ලෝකයේ සෑම පුද්ගලයන් හත් දෙනකුගෙන් එක් අයෙක් ෆේස් බුක් භාවිත කර ඇති බවත්, දිනක් තුළ ෆේස් බුක් පිවිසුමෙහි මෙතෙක් වාර්තා වී ඇති ඉහළම සංඛ්‍යාව මෙය බවත් ඔහු පවසයි.

සකර්බර්ග් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

සාමාන්‍යයෙන් මාසයකදී ෆේස්බුක් වෙත පිවිසෙන ග්‍රාහකයන් ප්‍රමාණය කෝටි 150කට වැඩි බව මීට පෙර පැවසුණත්, එක දිනක් තුළ මෙතරම් පිරිසක් ඊට පිවිසිය හැකි බවට මතයක් නොතිබුණි.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>