ෆේස්බුක් නිසා තවත් ජිවිතයක් අහිමි වෙයි

facebook

ෆේස්බුක් මගින් දැන හැඳිනගෙන ඇතිවූ ආදර සම්බන්ධතායක් බිඳ වැටීම නිසා තරුණයෙකු තම පෙම්වතියගේ නිවසටම ගොස් වස පානය කර දිවි නසා ගැනීමේ පුවතක් අනුරාධපුරයෙන් වාර්තාවේ.

මෙසේ මියගොස් ඇත්තේ මාතලේ පදිංචි ව්‍යාපාරිකයකු වූ විපුල කුමාර ඇල්විටගල නමැති 29 හැවිරිදි තරුණයෙකි. ෆේස්බුක් මගින් හඳුනාගත් ඔහුගේ පෙම්වතිය අනුරාධපුර පදිංචි සිද්ධ පෞද්ගලික බැංකුවක සේවයේ නියුතු බැංකු නිලධාරිනියක් වන හේමාගමගේ නිමානි හිරුණිකා නමැති 22 හැවිරිදි තරුණියකි.

මොවුන් දෙදෙනාගේ ආදර සම්බන්ධතාවයට වසර 6ක් පමණ වන බව සඳහන් වේ.

එම තරුණිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්කි ලබා දෙමින් පවසා තිබුනේ මෙවැන්නකි.

“2009 වසරේ අන්තර් ජාලයෙන් (මුහුණු පොතින්) මා මියගිය අය හඳුනා ගත්තා. ඉන්පසු අප දෙදෙනාට දෙපාර්ශ්වයේම කැමැත්ත ද ලැබුණා. ඔහු මාස දෙකකට පමණ වරක් මාගේ නිවෙසට ආවා ගියා. මා බැංකු නිලධාරිනියක් වශයෙන් සේවය කරන නිසා සුහද හමුවලට සහ හිතමිතුරන්ගේ සාදවලට සහභාගී වීමට සිදුවුණා. ඔහු ඒ සඳහා මා හට විවිධ තහංචි පනවනු ලැබුවා. අපේ හඳහන් ද නොගැලපීම නිසා මා ආදර සම්බන්ධතාව නැවැත්වූවා.

අගෝස්තු මස 29 වැනිදා 01.45 ට පමණ විපුල කුමාර පයින්ම අපගේ නිවෙසට පැමිණියා. පැමිණ මාත් අම්මාත් සමඟ කතා කළා. නැවත රණ්ඩු කිරීමට අවශ්‍ය නැහැ කියා කිවුවා. අපගේ සම්බන්ධය නොනවත්වන ලෙස ඉල්ලා සිටියා. ඉන්පසු ඔහු බීමට වතුර වීදුරුවක් ඉල්ලා ගෙන ඉන් භාගයක් පානය කර ඉතුරු වතුර ටික ඔලුවේ හලා ගත්තා.

ඉන්පසු දිය නැම සඳහා තුවායක් ද ඉල්ලා ගෙන නාන කාමරයට ගොස් දොර වසා ගත්තා. ටික වේලාවකින් නාන කාමරයේ වීදුරුවක් කැඩෙන හඩ ඇහුනා. අපි කලබල වී නාන කාමරයේ දොර ඇර බලද්දී ඔහුගේ කට වටේ සුදුපාට පෙන වගේ තිබුණා.

ඔහු මට කතා කර ඔයාගේ දෙපාමුල මැරෙන්න ඕනේ කියා කිවුවා. මම විපුල කුමාරව දෑතින් අල්ලා ගත්තා. අසැල්වැසි වෛද්‍යවරයකු සහ අසැල්වැසියන් සමඟ එක්වී ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කළා.”

වස පානය කිරීමෙන් බරපතළ ලෙස රෝගාතූර වී දින 19ක කාලයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිදිසි ප්‍රතිකාර ඒකකයේ සහ වාට්ටු අංක 17 ප්‍රතිකාර ලැබූ එම තරුණයා මියගොස් තිබේ. මියගිය තරුණයා විසින් සිය ප්‍රේමවන්තියට ලියු පිටු 14 කින් යුතු සවිස්තරාත්මක ලිපියක් ද පොලීසිය මඟින් පොලිස් භාරයට ගෙන මරණ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර තිබිණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>