ෆේස්බුක් පෙම්වතා නිසා පෙම්වතිය ගෙල වැලලාගෙන
පේරාදෙණිය සරසවියේ පශූ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලැබු සිසුවියක් යාපනය, පලෙයි ප්‍රදේශයේ සිය නිවස තුළ ගෙළවැළලාගෙන මිය ගොස් තිබේ.
මෙලෙස මියගොස් තිබෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබමින් සිටි භානුෂා සිවප්රකාසු නමැති 24 හැවිරිදි සිසුවියක්.
ෆේස් බුක් මගින් හඳුනාගත් පෙම්වතෙකු කළ අපහාසයක් හේතුවෙන් තමන් සියදිවි හානිකර ගැනීමට තීරණය කළ බවට මෙම විශ්වවිද්‍යාල සිසුවිය මියයාමට පෙර සටහනක් තබා තිබේ. කෙසේ වෙතත් ඇගේ ෆේස් බුක් පෙම්වතා පිළිබඳ තොරතුරක් අනාවරණය කර ගැනීමට මෙතෙක් හැකිවී නැහැ.
මෙම සිසුවියගේ නම ලිපිනය දුරකථන අංකය ෆේස්බුක් මගින් ප්‍රචාරය කොට ඇයව අපහාසයට ලක්කිරීම නිසා වේදනාවට හා ලැජ්ජාවට පත්ව සිටි බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් පලෙයි පොලිස් ස්ථානාධිපතිවරයා ගෙන් කළ කරුණු විමසීමක දී ඔහු සඳහන් කර ඇත්තේ මෙම තරුණියගේ පෙම්වතා ඇගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කරමින් ඇයව විශ්ව විද්‍යාලයෙන් බලහත්කාරයෙන් ඉවත් කර ගැනීමට මාස තුනකට පමණ පෙර කටයුතු කර ඇති බවයි.