ෆේස්බුක් බියවැද්දීම් හමුවේ අතුරුදහන්වූ සිසුවා

null

ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ තමන්ට තර්ජන එල්ල වන බව පවසා බියෙන් සිටි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අසේල මාලක පෙරේරා නමැති 19 හැවිරිදි සිසුවෙකු පසුගිය 13 වනදා සිට අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

ඉකුත් 12 වැනි දින රාත්‍රියේ පාන්දර 1 පමණ වනතුරු ඔහු අන්තර්ජාලය පරිහරණය කරමින් සිට ඇති අතර හදිස්සියේම තමන්ට උදරාබාධයක් ඇති බව පවසා කෝපි කෝප්පයක් සාදා දෙන ලෙස මවට පවසා ඇත. මව කෝපි කෝප්පය රැගෙන පැමිණ බලද්දී සිය පුතු නිවසේ සිට නොමැත. ඔවුන් නිවස පුරා සහ එසැනින්ම පාරට ගොස් බැලුවත් ඔහු පිළිබද හෝඩුවාවක් ලැබී නොමැත. මේ වනතුරුත් ඔහු සිටින තැනක් ගැන කිසිදු ආරංචියක් ලැබී නොමැත.

අසේලගේ පියා විදුහල්පතිවරයෙකු වන අතර මව ගුරුවරියකි. ඔවුන් පවසන්නේ ෆේස්බුක් ඔස්සේ තම පුතාගේ ගෞරවයට හානි කරන යමක් කිසිවෙකු විසින් පල කිරීමට උත්සහ ගනිමින් සිටින බව පුතා ඔවුන්ට පැවසු බවත් එම නිසා එදින ඔහු දැඩි මානසික කැළඹීමකින් කල් ගත කර බවත්ය.

ජීව විධ්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති ඔහු එහි ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිට ඇත. ඉගෙනීමට දක්ෂ දරුවෙකු වන ඔහු ඔලිම්පියාඩ් ගණිත තරගයටද සහභාගී වූ සිසුවෙකි.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි අතුරුදන් වී ඇති සිසුවාගේ පියා වන ජගත් පෙරේරා මහතා සිද්ධිය මෙසේ විස්තර කර ඇත.

“පහුගිය 13වන දින උදෑසන 1ට පමණ අතුරු දහන් වී ඇති මගේ පුතා අම්මාට බඩ රිදෙන බව කියා තිබෙනවා. පුතා එදා රෑ 12 පමණ වනතුරු පරිඝනකයේ සිටියා. මේක හොද වෙන පාටක් නැහැ කියා අම්මාළග ටික වේලාවක් නිදාගෙන ගොඩක් අමාරුයි අම්මේ කෝපි එකක් හදන්න කියා අම්මාට කියලා තියනවා.

අම්මා කෝපි එක හදන්න කුස්සියට ගිය වෙලාවේ ඉදිරි දොර ඇරෙන ශබ්දයක් ඇසී තිබෙන පසුව නිවසතුළ සෝදිසි කළත් දරුවා සිටියේ නැහැ. ඉන් පසුව මමත් මගේ බිරියත් වටපිටාව සියලුම තැන් සෝදිසි කර බැලුවත් දරුවා සිටියේ නැහැ. මම පාරට දුවලා ගිහින් බැලුවා එත් පුතා හිටියේ නෑ කලේගාන හන්දියේ පොලිස් ජීප් රථයක් තිබුනා මම ඒ නිලධාරීන්ගෙන් දරුවා ගැන ඇහුවා. නමුත් ඔවුන් දරුවා දැක තිබුනෙත් නැහැ.

පුතා විභාගයෙන් පස්සේ ෆේස්බුක් ගිණුමක් පරිහරණය කළා.
මෙයා 12 වෙනිදා හවස කිව්වා මෙයාගේ යාලුවෝම මට ඉන්න දෙන්නේ නැහැ කියලා.. මම විනාශ කරන්න හදන්නේ කියලත් කිව්වා..ෆේස්බුක් එකෙන් මට threats එවනවා කියලත් කිව්වා..ආපු threats වලට මෙයත් ආපහු threats ගහලා තියලා තිබුනා..අන්තිමට මෙයාට ලොකු මානසික කැළඹීමක් ආවා..එලියට බැහැල ගියේ මෙයා හොඳ සිහියෙන් නෙවෙයි..අවසිහියෙන්..එහෙමත් දන්නේ නැහැ නැත්නම් කව්රුහරි දොරට තට්ටු කරලා මෙයා එලියට ගත්තද කියල දන්නෙත් නැහැ..

පි දැනුවත්ව පුතාට ප්‍රේම සම්බන්ධයක් තිබුනේ නෑ. නමුත් ඔහුට ෆේස්බුක් ඔස්සේ තර්ජනය කරන පිරිසක් ඉන්නවා කියල කිව්වා. ඒ නිසා පුතාගේ ෆේස්බුක් ගිණුම පවා වෙනස් කරලා තිබුන.”

මොහු පිලිබඳ තොරතුරු ඇතොත් දැන්විය යුතු දුරකථන අංක පහත වේ.
0723966418
0772598192

ගාල්ල පොලිස් ස්ථානය – 0912233333/2234222
පොද්දල පොලිස් ස්ථානය – 0912292322

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>