ෆේස්බුක් ලොක්කා මාස දෙකක් නිවාඩු යයි
“ෆේස්බුක්“ සමාජ වෙබ් අඩවියේ නිර්මාතෘ සහ එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරන මාර්ක් සකර්බර්ග් මාස දෙකක නිවාඩුවක් ගැනීමට තීරණය කර තිබේ.
ඒ සිය බිරිඳ වන ප්‍රිසිලා කුළුඳුල් දරු ප්‍රසුතියට සුදානම් වන නිසාවෙන් බව වාර්තා වෙයි.
මේ පිළිබඳ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති මාර්ක් සකර්බර්ග් අතිශය පෞද්ගලික කරුණක් හේතුවෙන් මෙම නිවාඩුව ගන්නා බව සඳහන් කර තිබේ.
තමා සහ තම බිරිඳ ගැහැණු දරුවෙකු අපේක්ෂාවෙන් සිටින බව 31 හැවිරිදි මාක් සකර්බර්ග් පසුගිය ජුලි මාසයේ දී ප්‍රකාශ කර තිබුණි.
ෆේස්බුක් සමාගම එහි අමෙරිකානු සේවකයින් සඳහා මාස 4ක පඩි සහිත ප්‍රසූත නිවාඩුවක් ලබාගැනීමේ අවස්ථාව ලබාදී ඇත.
රැකියාවල නිරත වන මව්පියන් සිය අලුත උපන් දරුවන් සමග කාලය ගත කිරීම තුළින් එම දරුවන්ට මෙන්ම මව්පියන්ට වඩා යහපත් කාලයක් උදාවනු ඇති බවට අධ්‍යයනයක් තුළින් හෙළි වී ඇති බව මාක් සකර්බර්ග් සිය ගිණුමේ සඳහන් කර තිබේ.