ෆේස්බුක් විවාහය මරණයෙන් කෙළවරවේ
ෆේස්බුක් සමාජ ජාලය හරහා මාස 06 ක ඇසුරකින් පසු විවාහ වී එම විවාහ ජීවිතය පිළිබඳව සිත්තැවුලට පත්ව තරුණියක් සිය දිවි හානිකරගෙන තිබේ.
පසුගිය 3 වනදා පෙ ව. 11.00 ට පමණ අලව්ව – කිරුවම්පොල ප්‍රදේශයේ තරුණයාගේ නිවසට ගොස් ඇති මෙම තරුණිය එහිදී කෘමිනාශකයක් පානය කර සිය දිවි හානිකරගෙන තිබේ.
මෙසේ සිය දිවි හානිකරගෙන තිබෙන්නේ සඳලංකාව, නායගම, වෙල්පල්ල පදිංචි වනිගසූරිය පතිරැන්නැහැලාගේ උෂානි පේෂලා (21) හැවිරිදි තරුණියකි.
එම තරුණියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (04 දා) සවස කුරුණෑගල ශික්ෂණ රෝහලේදී අලව්ව හදිසි මරණ පරීක්ෂක ඇස්. ඇම්. තිස්ස සමරකෝන් සහ කුරුණෑගල දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිළධාරි අජිත් ජයසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල ශික්ෂණ රොහලේදී පැවැත්විණි.
එහිදී මියගිය තරුණියගේ පෙම්වතා වූ වැලිවිට අංගොඩ ලියනගේ රුමේෂ් මධුසංඛ ලියනගේ (21) යන අය සාක්ෂි දෙමින් තමා මෙම තරුණිය හා ෆේස්බුක්ජාලය හරහා දැන හඳුනාගෙන දිගුකල් ඇසුරකින් පසු විවාහ වූ බවත් ඇයට තම විවාහ ජීවිතය පිළිබඳ ගැටළුවක් නොතිබූ බවත් තමා නිවසේ නොමැති අතර නිවසට කෘමිනාශකයක් රැගෙන පැමිණ එය පානය කර ඇති බවට සාක්ෂි දෙමින් පවසා ඇත.
මෙම මරණය පිළිබඳ තරුණයා දුන් සාක්ෂි හා ඉදිරිපත් වූ කරුණු වැඩිදුර විමර්ශනය කළ මරණ පරීක්ෂකවරයා මෙම තරුණිය කෘමි නාශකයක් පානය කර සිය දිවි හානිකර ගැනීමෙන් සිදුවු මරණයක් බවට තීරණය කරන ලදී.
මෙම මරණය පිළිබඳ පොලිස් සාක්ෂි මෙහෙයවීම අලව්ව පොලිසියේ පො. කො. (39545) විරසේකර මහතා විසින් සිදු කරන ලදී.
දිවයින පුවත්පත