ෆේස්බුක් වෙනුවෙන් නගරයක් ඉදිවේ

null

ෆේස්බුක් වෙනුවෙන් නගරයක් නිර්මාණය කිරීමට එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සැලසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සැන් ෆ්‍රැන්සිස්කො නුවර අක්කර 200ක පමණ භූමි භාගයක මෙය ඉදිකිරීමට සැලසුම් කොට තිබෙන අතර එම නගරය නම් කර ඇත්තේ ‘Zee-town’ නමින්ය.

පරිසර හිතකාමී නගරයක් ලෙස ඉදිවන මෙහි ප්‍රධාන අරමුණ ෆේස්බුක් සේවක සේවිකාවන්ට සැන් ෆ්‍රැන්සිස්කෝ හි තම මූලස්ථානයට ආසන්නයේ නිවාස පහසුකම් ලබාදීමය.

නගර සැලසුමට අනුව නිවාස ඒකක 10000ක් ඉදිකිරීමට නියමිත අතර මෙම නගරය පොදු වෙළඳසැල්, හෝටල්, ක්‍රීඩාංගණ ඇතුළුව සියළු සුඛෝපභෝගී පහසුකම් සහිතව ඉදිකිරීමට සැළසුම්කොට ඇත.

මෙම නගරයේ සැලසුම් ශිල්පියා ලෙස කටයුතු කරන්නේ ලොව ප්‍රකට සැලසුම් ශිල්පියෙකුවන ෆ්‍රෑන්ක් ගෙරි ය.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>