ෆේස්බුක්, ස්කයිප් , වයිබර්, වට්ස් ඇප් භාවිතය පරිස්සමින්
ෆේස්බුක්, ස්කයිප් , වයිබර්, වට්ස් ඇප් වැනි වීඩියෝ සහිත පණිවුඩ හුවමාරුවලදී ඉතා කල්පනාකාරී වන්නැයි අන්තර්ජාලය සහ නවීන ජංගම දුරකතන භාවිත කරන සියලූදෙනාගෙන් ඉල්ලීමක් කර තිබේ.
එවැනි පණිවුඩ හුවමාරු හැකර්වරුන් විසින් අවභාවිත කළ හැකි බවත්, මෙවැනි අවදානම් අවස්ථා වළක්වා ගැනීමට නම් ඡායාරූප හෝ වීඩියෝ දර්ශනවලට පෙනී සිටීමේදී ද දෙවරක් සිතා බැලිය යුතු බවත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
ජංගම දුරකතනයක හෝ පරිගණකයක වරක් ගබඩා කරන ඡායාරූප හෝ වීඩියෝ දර්ශන මකා දැමුවද පසු අවස්ථාවකදී එය නැවත ලබාගත හැක.
එමෙන්ම සිය පෙම්වතා සමග කළ ස්කයිප් සංවාදයකදී තරුණියක් නිරුවත් වන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබේ. මෙම වීඩියෝ පටය නිර්මාණ කර තිබෙන්නේද වීඩියෝ සහිත පණිවුඩ හුවමාරුවලදී කල්පනාකිරීව කි‍්‍රයා කරන ලෙස අන්තර්ජාලය සහ නවීන ජංගම දුරකතන භාවිත කරන්නන් දැනුවත් කිරීම සඳහායි.
ෆේස්බුක්, ස්කයිප් , වයිබර්, වට්ස් ඇප් වැනි පෞද්ගලික පණිවුඩ හුවමාරුවල සඳහන් දත්ත අසභ්‍ය වෙබ් අඩවි වලට ඇතුළත් කිරීම පිළිබඳ තොරතුරු සෑම දිනකම පාහේ වාර්තා වන බව එහි දැක්වෙයි.
එවැනි අවස්ථාවලදී අගතියට පත් වූ තරුණයන් හෝ තරුණියන් සියදිවි නසා ගැනීම පිළිබඳවද රටවල් ගණනාවකින් මෑතදී වාර්තා වූ බවයි මෙම විඩියෝවෙන් වැඩිදුරටත් කියැවෙයි.
එම වීඩියෝව පහතින්…
(නෙත් නිව්ස්)