03 Dec 2015
ෆේස්බුක් හිමිකරු සකර්බර්ග් පියෙකු වෙයි
ෆේස් බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් පියකු බවට පත් කරමින් ඔහුගේ බිරිය ප්රසිලා චැන් පෙරේදා (01) කුළුඳුල් දරු ප්‍රසූතිය සිදු කර තිබේ.
ඔවුන් මන් ඉහත ප්‍රසිද්ධ කළ ආකාරයටම ලැබුනේ දුවක්. ඇයට මැක්ස් හෙවත් මැක්සිමා ලෙස නම් තබන බව සකර්බර්ග් ප්‍රකාශ කර තිබුණි.
මේ අතර ෆේස්බුක් සමාගමේ තමාට සහ බිරිඳට හිමි කොටස්වලින් සියයට 99ක් මුදා හැරීමට ෆේස්බුක් නිර්මාතෲ මාර්ක් සකර්බර්ග් තීරණය කර තිබේ. එ් පුණ්‍යාධාර කටයුතු වෙනුවෙන්. එම කොටස්වල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 45කට අධිකයි.
සකර්බර්ග් සහ ඔහුගේ බිරිඳ වන පි්රස්සිලා චෑන් පවසා ඇත්තේ අලූත උපන් සිය දියණිය වෙනුවෙන් මෙලෙස ආධාර වශයෙන් සිය කොටස් මුදාහරින බවයි.
සිය දියණියට ජීවත්වීමට වඩා හොඳ ලෝකයක් නිර්මාණය කිරීම තම අරමුණ බව ඔවුන් පෙන්වා දෙයි.