ෆේස් බුක් විඩියෝ ගැන කරන්න දෙයක් නෑ – පොලීසිය
ඡායාරූපයක් හෝ වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලයට මුදාහැරීමෙන් කිසියම් තැනැත්තෙකුට සිදුවන අපහාසයක් සම්බන්ධයෙන් පොලිසියට කලහැක්කක් නොවන බව පොලිස් ප්රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
අපහාසය යන්න අපරාධ නීතියෙන් ඉවත් කර තිබීම ඊට හේතුව බව හෙතෙම සඳහන් කරයි.
ඒ අනුව තමන් හෝ වෙනත් අයෙකු අපහසුතාවයට පත් විය හැකි ඡායාරූප හෝ වීඩියෝ දර්ශන අන්සතුවීම වළක්වාලීමට දැඩි විමසිල්ලකින් පසුවන ලෙස ඉල්ලීමක්ද කර ඇත.
තරුණයන් දෙදෙනෙකු තරුණියකට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඉකුත්දින වල අන්තර්ජාලයේ දැඩි ආන්දෝලනයකට ලක් විය. මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදාහැර ඇත්තේ එහි පෙනී සිටින පාර්ශ්වයන් නොව වෙනත් අයෙකු විසින් බව පසුව අනාවරණ විය.
අදාළ වීඩියෝ මෙලෙස අන්සතු වි ඇත්තේ දර්ශනය පටිගත කළ ජංගම දුරකථනය සිද්ධියෙන් වසරකට පමණ පසු අලුත්වැඩියාවක් සදහා කිසියම් ආයතනයකට ලබාදුන් අවස්ථාවේයි.