ෆොටෝ ගන්න දඹානට එන්න එපා

null

මේ දිනවල ලැබී ඇති දීර්ඝ නිවාඩුවත් සමග ආදිවාසීන් නැරඹීම සදහා මහියංගනය, දඹානට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙමින් සිටියි.

ඉකුත් දින 3 තුළ පමණක් ලක්ෂ දෙකක පමණ වු දේශීය සංචාරකයන් පිරිසක් පැමිණි බව දඹාන ආදිවාසී මාධය කේන්ද්‍රය පවසයි.

එහෙත් මෙසේ පැමිණි සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් තමා ප්‍රමුඛ ආදිවාසීන් සමග ජායාරූප ගැනීමට පමණක් මෙම සංචාරය යොදාගැනීම ගැන තමා බලවත් සේ කනගාටුවන බවද ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ පැවසීය.

හෙතෙම වැඩි දුරටත් මෙසේ සඳහන් කර තිබේ…

“දඹානට එන ගමන අර්ථවත් කරගන්න නම් ජායාරූප ගැනීමට පමණක් එය සීමා නොකළ යුතුයි. ආදිවාසීන්ගේත් ඉතිහාසය,සංස්කෟතිය හා සරල ජීවිතයේ හර පද්ධතිය ඇතුළු බොහෝ දේ පිළිබඳව දැනුවත් විය හැකියි. දඹානට එන ගමන සමහරු හිත්නේ හුදෙක් විනෝද චාරිකාවක් කියලයි.එහෙම හිතන්න එපා .ඒවගේම දඹාන විනෝදයට යොදාගන්නත් එපා.පරිසරය විනාශ කරන්න එපා කියන ඉල්ලීම විශේෂයෙන්ම කරන්න සිදුවෙලා තියෙනවා.’

දේශීය සංචාරකයන් දමායන හිස්මත්පැන් බෝතල්, ප්ලාස්ටික් බෝතල්, කෑම ඔතන කොළ අපේ පරිසරයට විශාල ප්‍රශ්නයක්. මේවා එකතුවෙන්නවෙන්න විනාශකරන්න අපේ අයගෙන්ම කීපදෙනෙක් යොදවන්න සිදුවෙලා තියෙනවා.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>