ෆොන්සේකාගේ බෑණාට ඇප ලැබෙයි

null

යුද හමුදාවට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී රුපියල් කෝටි 2කට අධික මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී සිටි සරත් ෆොන්සේකාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න අද (19) කොළඹ මහාධිකරණයට භාර වී තිබේ.

හමුදාවට ආයුධ සැපයීම සම්බන්ධයෙන් වංචා සිදුකළ බවට පැවරණු නඩුවට ඔහු විත්තිකරුවෙකු වී සිටි අතර අත්අඩංගුවට ගැනීම සදහා නියෝග ලබාදී තිබුණද ධනුන තිලකරත්න පිළිබද මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වී තිබුණේ නැත. පසුගිය 2010 වසරේ ජනාධිපතිවරණ සමයේ සිට ඔහු අතුරුදන්ව සිට තිබේ.

කෙසේ වෙතත් අද ඔහු කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත්වීමෙන් පසු මහාධිකරණ විනිසුරු අයිරංගනී පෙරේරා විසින් ලක්ෂ 4ක මුදල් ඇප හා ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප දෙකක් මත තිලකරත්න මහතා නිදහස් කරන ලෙස නියෝග කර තිබේ.

මෙලෙස ඇප මත මුදා හැරුණ ද ධනුන තිලකරත්න මහතාට තවදුරටත් විදෙස් ගමන් තහනම් කරන බවද මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය පවසා ඇත. විදේශ ගුවන් බලපත්‍රය අධිකරණය බාරයේ තැබීමටද නියෝග කර ඇත. එසේම ධනුන තිලකරත්න මහතා සෑම ඉරිදා දිනෙකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු අතර අදාළ නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 23 වන දිනට කල්තබා තිබේ.

මේ අතර හයිකෝප් වංචාව ලෙස ප‍්‍රකට වී තිබෙන්නේ කූඨ ලේඛන ඉදිරිපත් කර යුධ හමුදාවට ආයුධ සැපයීම පිළිබඳ ගනුදෙනුවකුයි. ඒ සඳහා ආධාර අනුබල ලබාදීම ධනුන තිලකරත්න මහතාට එරෙහි චෝදනා වනවා. මෙම නඩුවේ චෝදනාවලට අදාළව සරත් ෆොන්සේකා මහතා මීට ඉහතදී නිදොස් කොට නිදහස් කරන ලදී.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>