ෆොන්සේකා අද ෆීල්ඞ් මාර්ෂල් තනතුරට

null

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ෆීල්ඞ් මාර්ෂල් තනතුරට උසස් කෙරෙන නිල උත්සවය අද පස්වරුවේ ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙන අතර එයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද සහභාගී වීමට නියමිතය.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි එහිදී ජනාධිපතිවරයා වෙත ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලියක් පැවැත්වෙන අතර ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා වෙත ෆීල්ඞ් මාර්ෂල් ධුරයට හිමි යෂ්ටිය ප්‍රදානය කිරීමට නියමිතයි.

ලෝකයේ යුද හමුදා නිලධාරියෙකුට පිරිනැමෙන ඉහලම තනතුර ලෙස ෆීල්ඞ් මාර්ෂල් තනතුර හදුන්වනු ලබයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>