ෆෝන් එකට අකුණු සැර වැදී පාසල් සිසුවෙක් මරුට

null

පසුගිය 12 වැනි දින ප.ව. 6.00 ට පමණ මාදිපොළ කැඳන්ගමුව ප්‍රදේශයේදී අකුණු සැර වැදී පාසල් සිසුවෙක් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් තිබෙන්නේ 14 හැවිරිදි සුපුන් සම්පත් දයානන්ද නමැති පාසල් සිසුවායි. එදින සවස ගවයෝ බැඳීමට ගොස්‌ නැවත නිවසට එන අතරතුරදී ඔහු මෙම අනතුරට මුහුණ දී තිබේ.

මෙම අවාසනාවන්ත සිද්ධිය වෙන මොහොතේ සිසුවා ළඟ ජංගම දුරකථනයක්‌ තිබී ඇති අතර සිසුවා තවත් කාන්තාවක්‌ සමඟ කතාකරමින් සිටියදී මෙම අනතුරට ලක්‌ වී ඇති බව වාර්තා වේ.

මෙම සිසුවාගේ මව විදෙස්‌ ගතවී සිටින අතර ඔහු පවුලේ එකම දරුවා යි.

මේ පිළිබඳව මරණ පරීක්‍ෂණය පෙරේදා (13) මාතලේ රෝහලේ පැවැත්වීමට නියමිතව තිබිණි. ගලේවෙල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>