ෆෝන් එක ළග තියං උසස් පෙළ ලියා මාට්ටු

null

ජංගම දුරකථන ළග තබා ගෙන මඩකලපුවේ විභාග මධ්‍යස්ථානයක සිසුන් දෙදෙනෙකු උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර පවසයි.

මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී මෙලෙස සිසුන් දෙදෙනෙකු විභාගය ලියන අවස්ථාවේ ජංගම දුරකථන ළග තබා ගත් බවට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බව හෙතෙම සඳහන් කර තිබේ.

ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිසුන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා විභාග ප්‍රතිඵල තහනම් කිරීමට පියවර ගන්නා බවයි.

විභාගයට මුහුණ දෙන අතරතුර ජංගම දුරකථන රැගෙන ඒමෙන් වළකින ලෙසද, එසේ හසු වුවහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම අවධාරණය කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>