ෆෝන් නම්බර් එක දුන්නේ නැත්නම් හැක් කරලා sex ෆොටෝ දානවලු
ලෝක ප්රසිද්ධ සමාජ ජාලයක් වන ෆේස්බුක් අඩවියේ හොඳ මෙන්ම නරක පැත්තක් ද ඇත. එය නරක පැත්තට යොමුවී ඇත්තේ ෆේස්බුක් අවභාවිතා කරන අසහනකාරී පිරිස් නිසාය.
ලංකාවේ මෙම තත්වය ඉහල ගොස් ඇති අතර ෆේස්බුක් සම්බන්ධයෙන් එවැනි පුවත් කිහිපයක්ම මේ දින වලදී වාර්තා වුණි. මේ තවත් එවැනි වූ සිද්ධියකි…
ෆේස්බුක් ඔස්සේ තරුණියක් දැන හැඳිනගත් තරුණයෙකු එම තරුණියගෙන් ඇයගේ දුරකථන අංකය ඉල්ලා කරදර කර ඇත. එම ඉල්ලීමට තරුණිය එකඟ වී නොමැති අතර පසුව අදාල තරුණයා විසින් පවසා ඇත්තේ දුරකථන අංකය ලබානොදෙන්නේ නම් ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ පලකරන බවයි.
අදාල තරුණයා වැඩි දුරටත් තර්ජනය කරමින් සඳහන් කර ඇත්තේ ඇයගේ සැබෑ නිරුවත් ඡායාරූප නැතත් වෙනත් කාන්තාවකගේ සිරුරකට ඇයගේ මුහුණ photoshop මගින් සම්බන්ධ කර ඒවා පලකරන බවයි.
මෙවැනි අසහනකාරී පිරිස් ඕනෑ තරම් සිටිය හැක. ඔවුන්ගෙන් ගැලවී සිටීමට නම් නොදන්නා මිතුරන් තමන්ගේ ෆේස්බුක් ගිණුමට එක්කර ගැනීමට පෙර දෙවරක් සිතන්න.