01 Oct 2015
උත්සවයකදී ආණ්ඩුකාරවරයා සිහිසුන්ව ඇද වැටේ
ජාතික වැඩිහිටි දින උත්සවයේදී උතුරුමැද ආණ්ඩුකාර පී.බී. දිසානායක ක්ලාන්තයක් සෑදී ඇද වැටීමෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
ජාතික වැඩිහිටිදින උත්සවය අද (01) පෙරවරුවේ පැවැත්වුණේ අනුරාධපුර සාලියපුර වැඩිහිටි නිවාස පරිශ්රයේදීයි.
73 හැවිරිදි ආණ්ඩුකාරවරයා බිම ඇදැවැටීමත් සමඟ හිසේ අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් මෙලෙස කොළඹට ගෙන ඒමට සූදානම් කර ඇති බවයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඩබ්ලිව් අතපත්තු මහතා සඳහන් කර ඇත.