29 Oct 2015
උපේක්ෂා හා බන්දුල ජනපති කොමිසමට
කලා ශිල්පී බන්දුල විජේවීර මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්තී්රනී රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මහා පරිමාණ වංචා හා දුෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද (29) කැඳවා තිබේ.
අද පස්වරු 2 ට එම කොමිෂන් සභාව හමුවේ පෙනි සිටින්නැයි තමන්ට කැදවීමක් ලැබී ඇති බවත්, මෙවැනි කැදවීමක් කිරීමට හේතුව කුමක් දැයි තමන්ට වටහා ගත නොහැකි බවද බන්දුල විජේවීර මහතා ප්රකාශ කර ඇත.
කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මැතිවරණ ප්රචාරක කටයුතුවලට අදාළව ශ්රී ලංකන් ගුවන් සමාගමෙන් මුදල් ලබාගත් බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙනුයි මොවුන් දෙදෙනා අද කැඳවා ඇති බව හිරු නිව්ස් වාර්තා කරයි.