21 Nov 2014
ජනාධිපතිවරණ දිනය පිළිබද ප්රකාශය අද
මැතිවරණ කොමසාරිස්වරයා සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද කොළඹ දී පැවැත්වෙයි. සියලු දිස්ත්රීක් ලේකම්වරුන්ද අද දිනයේ රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත කැඳවා තිබේ.
මෙම සාකච්ඡුාව අද පෙරවරු 8.30 ට ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා කිරීම මෙහි අරමුණ බව පැවසේ.
මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්රකාශයට පත් කිරිම ද බොහෝ දුරට අද දිනයේ සිදුවනු ඇති බව පැවසෙන අතර ඒ අනුව නාමයෝජනා භාර ගැනීමේ දිනය සහ ස්ථානයද ඉන් ප්රකාශයට පත් කිරිමට නියමිතය.