02 Apr 2015
නාසයක් නොමැතිව ඉපදුන දරුවා
ජන්මයෙන්ම සිදුවන විකෘතිතාවක් වන Arhinia හෙවත් බාහිර නාසයක් නොමැතිව ඇලබාමා ප්‍රදේශයේ දරුවෙකු ඉපදී තිබේ. Eli Thompson නම් වෙන මේ දරුවා පසුගිය මාර්තු 4 වනදා උපත ලබා ඇත.
මෙය අතිශය දුර්ලභ විකෘතිතාවයක් වන අතර මීට පෙර මෙවැනි දරු උපතක් වාර්තා වී ඇත්තේ 1931 වසරේ දීයි.
කෙසේ වෙතත් මේ වන විට එම දැරියගේ ශ්වසන අපහසුතා යථාතත්වයට පත්කිරීම සඳහා පියවර ගෙන ඇති බව වාර්තා වන අතර එම අසාමන්‍ය පිහිටීම දරුවාගේ සෞබ්‍ය තත්වයට එතරම් බලපෑමක් නැති බවත්, දරුවා නීරෝගී සුවයෙන් පසුවන බවත් සඳහන්.
එම දරුවා වෙනුවෙන් අන්තර්ජාල අරමුදලක් පිහිටුවා ඇති අතර මේ වන විට ඩොලර් 15000කට ආසන්න මුදලක් එක්කාසු වී තිබෙන බවත්, මේ මුදල් එලීගේ ඉදිරි ශල්‍යකර්ම සඳහා යොදාගන්නා බවත් මව්පියන් පවසයි.