පාර්ලිමේන්තුව හෙට රාත්‍රී විසුරුවන ලකුණු
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට (24) රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුකරන බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය විය.
දිවයින පුවත්පත වාර්තා කරන පරිදි මේ පිළිබඳව පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගෙන්ම කළ විමසීමේදී 24 වැනිදා රාත්‍රි පාර්ලිමේන්තුව විසුරුවන බව දැනගන්නට ලැබුණු බව ඔවුහු ප්‍රකාශ කර ඇත.
මැතිවරණ ක්‍රමය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයක් අද (23) සහ හෙට (24) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. අද පස්වරු 1.00 ට මෙම විවාදය ඇරඹෙන අතර හෙට පෙරවරු 9.30 සිට දෙවැනි දිනයටත් විවාදය පැවැත්වේ.
මෙම විවාදය පැවැත්වීමෙන් පසුව වර්තමාන පාර්ලිමේන්තුවේ කාලය අවසන් කරමින් එය විසුරුවා හරින බව එම ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පුවත්පත් කතුවරුන් හමුවේ ප්‍රකාශ කර තිබුනේ සැප්තැම්බර් මාසයේ අලුත් පාර්ලිමේන්තුවක් පිහිටුවන බවයි.
මැතිවරණයක් පැවැත්විය යුත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැර දින 52 ක් සහ 65 ක් අතර කාලය තුළදීය. කෙසේ වෙතත් මෙම සතිය තුළ පාර්ලිමේන්තුව විසුරුවන බවට පසුගිය දිනවල දේශපාලන ක්ෂේත්රයේ මෙන්ම ජනමාධ්‍ය ඔස්සේ ද ඉඟි පළකර තිබිණි.